Thursday, September 26

Pedagogy-II Assignment

 Simulation based learning

සමරූපණය (සමාකරණය)

                සමාකරණය යනු යථාර්ථවාදී අවස්ථාවක් හෝ තත්වයක් කුඩා ආකෘතියකින් ඉදිරිපත් කිරීම ය. නැතහොත් සමාජීය ක‍්‍රියාවලියක් සිදුවන ආකාරයටම නොව ඊට සමානුරුපීව සිදුකිරීමය. බොහෝ ආධුනිකයන් හා පුහුණුවන්නන් සඳහා මෙම ක‍්‍රමය යොදා ගනියි. මෙහෙයවන කණ්ඩායමක් සඳහා සැබෑ අත්දැකීමක් ලබා දීමට මෙම ක‍්‍රමය යොදා ගත හැකිය. බොහෝ සෙයින් පරිසරයට ඇලීගැලී වෙසෙන අයට ඒ ඇසුරින්ම සමරූපී ඉගෙනීම තහවුරු කර ගත හැකිය. ඩේල්ගේ අත්දැකීම් කේතුවේ සඳහන් පරිදි සැබෑ අත්දැකීමක් ලෙසින් එහෙත් සැබෑ අත්දැකීමක් ද නොවන තත්වයකි.
     
             මෙය මුලින්ම යොදා ගත්තේ ගුවන් නියමුවන් හා අජටාකෘශ ගාමීන් පුහුණු කිරීමටය. ගුවනේදී මොවුන් පුහුණු කිරීමට යෑම අවදානම් සහිත ක‍්‍රියාවක් බැවින් පොළව මත ඒ සදහා සකස් කළ කුටිවලදි එම පුහුණුව ලබාදීමෙන් ඔවුහු සාර්ථකත්වයට පත්වූහ. මෙසේ පොළව මතුපිට කුටි තුළ දී ලබාගත් පුහුණුව ඉගෙනුම් මාරුවක් ලෙස භාවිතා කරමින් ගුවනේදී සාර්ථකත්වයට පත්විය. ඉන් ලද අත්දැකීම් ප‍්‍රචලිත වීමත් සමග මෙය පන්ති කාමර ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලියට සම්බන්ධ කිරීමට උත්සාහ ගැනීම සිදුවිය. මුළින්ම සමරූපණය පන්ති කාමර ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලියට සම්බන්ධ කරන ලද්දේ ඉන්දියාවේ අධ්‍යාපනඥයින් විසිනි.
             
           විශේෂයෙන් මෙම ක‍්‍රමය වෛද්‍ය වෘත්තිකයන් සඳහා භාවිතා කර මහඟු ප‍්‍රතිඵල ලබා ගත හැක්කකි. වෛද්‍ය ශිෂ්‍යයන්ගේ පුහුණුවීම් මේ අයුරින් සමරූපීව සිදුකිරීමෙන් ඔවුන්ගේ බියසැක පහව යෑමත් පලපුරුද්දක් හා අත්දැකීමක් ලැබීමත් අත්වැරදි අඩුකරගැනීමත් ඉතා  වැදගත්ය. හෙද පුහුණුවටද මෙම ක‍්‍රමය යොදා ගැනේ.
            

               නාවිකයන් පුහුණුවටද මෙම ක‍්‍රමය යොදා ගැනේ. එහිදී ඔවුන් පාලිත තත්ව යටතේ මුහුදේ නැවක් යන අයුරින්ම සකස් කරගත් පුහුණු රැසක් ලබාදේ.
             
      හමුදාවල මෙහෙයුම් පුහුණුවීම් කරන්නේද සමරූපී ඉගෙනුම යොදා ගනිමිනි. 
             මේ සියලූ කටයුතු වලට හේතු වී ඇත්තේ තාක්‍ෂණ දියුණුවයි. පරිගණකය හඳුන්වා දීමත් සමඟම සමරූපනය සඳහා මෘදුකාංග ද හඳුන්වා දී ඇත.

 
මනෝවිද්‍යාත්මක හා දාර්ශනික පසුබිම
අධ්‍යාපන මනෝවිද්‍යාඥයින් දක්වා ඇති අවශ්‍යතාවය මත ලැදියා මතය යන සංකල්ප වලට අනුරූපව ශිෂ්‍ය පෙළඹවීම ඇතිකර ගැනීම සදහා සමරූපණය යොදා ගත හැකිය. අධ්‍යාපන දාර්ශනිකයකු වන ජෝන් ඩුවී දැක් වූ ක‍්‍රියාවෙන් අවබෝධය ඉතා සාර්ථක ඉගෙනුම් ක‍්‍රමයකි.
රූසෝ දැක් වූ පරිදි අත්දැකීමෙන් උගත් දේ මතක තබා ගැනීම හා ධාරණය පහසුවේ.

සමරූපණය පංති කාමරයට යොදා ගැනීම
                සමාජීය ක‍්‍රියාවලියක් සිදුවන ආකාරයට සිසුන් නිරීක්ෂණය කිරීමෙන් පසු එය සිදුවන ආකාරය සමානුරුපී ව පංතිකාමරයෙහි ද ඉදිරිපත් කිරීම මෙම ක‍්‍රමයෙන් සිදුවේ.
සමාකරණය ගුරු සිසු දෙපාර්ශවයේම සහභාගිත්වයෙන් සිදුවන අධ්‍යාපන කටයුත්තකි. එසේම එය ක‍්‍රියාකාරී හා ප‍්‍රබෝධවත් ඉගෙනුම් අවස්ථාවකි. මින් දැනුම කුසලතා ලබා ගැනීම පමණක් නොව භාවිතයට මෙන්ම චින්තනය පුබුදුවාලීමට ද ඉඩ සැලසේ.
සැබෑ ලෝකයේ අත්දැකීම් පංති කාමරයට ගෙන ආහැකි මෙම ක‍්‍රමය ළමයින් තුළ පෙළඹවීම හා පුනර්පෝෂණය ලැබී මානසික තෘප්තිය හා ක‍්‍රියාවෙන් අවබෝධය ලැබීමෙන් ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලියේ ප‍්‍රබෝධයක් මෙන්ම විවිධත්වයක් ද ඇතිවීම සිදුෙව්.
මේ අයුරින් ඒ ඒ විෂය හා මාතෘකා තෝරාගත් පසු සමස්ථ පාඩමෙන් ඉන්කොටසක් සාර්ථකව සමරූපණ ක‍්‍රම මගින් ඉගෙනීම කළ හැකිය. බුද්ධ ධර්මය විෂයේ බෞද්ධ ශ‍්‍රාවක ශ‍්‍රාවිකා චරිත,බෞද්ධ පුනර්ජීවනයට දායක වූවෝ වැනි පාඩම් මෙම ක‍්‍රමය භාවිතා කරමින් ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලියට සම්බන්ධ කර ගත හැකිය.

සමරූපණ ක‍්‍රමයේ වාසි
  •         ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රමයක් බැවින් සිසුන්ගේ සක‍්‍රිය දායකත්වය ලැබේ.
  • සිසු පෙළඹවීම හා අවධානය ලබා ගැනීම පහසුය.
  • ඉගෙනුම ප‍්‍රියජනක වේ.
  • සිසු ලැදියා අවශ්‍යතාවලට අනුකූල වීම නිසා ඉගෙනුම දිගු කල් රදා පවතී.
  • සිසු නිර්මාණශීලිත්වයට හා නිදහස් චින්තනයට අවකාශ ඇත.
  • ඉගෙනුම් ක‍්‍රියාවලියේ විවිධත්වයක් ඇතිවන නිසා ඒකකාර පංති කාමර ඉගැනීමෙන් මිදීමට ද අවස්ථාව ඇත.
  • සිසුන්ගේ සහයෝගිතාව වර්ධනයටත් මනා අන්තර් පුද්ගල සබදතා ගොඩනැගීමටත් උපකාරීවේ.
  • අන් මත ඉවසීමට ගරුකිරීමට මෙන්ම විමර්ශණශීලිත්වයට ඉඩසැලසේ.
  • වියුක්ත සංකල්ප පැහැදිලි කිරීම පහසු කරයි.
  • සමාජීය අවශ්‍යතා පිළිබඳ සිසු අත්දැකීම් පුළුල් කෙරේ.
  •         
සමරූපණ ක‍්‍රමයේ අවාසි අවම කිරීමේ ක‍්‍රම 
  •     කෙතරම් හොද සූදානමක් තිබුන ද කාලය සැලසුම්කර ගැනීමේ අපහසුතා පැන නැගිය හැකි බැවින් ඒ ගැන මැනවින් සැලසුම් කිරීම.
  •      පංතිකාමර වල අධික තදබදය හා ඉඩකඩ සීමාසහිත වීම නිසා සැලසුම් කර ගැනීමට හැකි බැවින් සුදුසු ස්ථානයක් තෝරා ගැනීමට සිදුවීම.
  •     අත්දැකීම් අඩු සිසුන් සමරූපණ කාර්යයට යොමු කිරීමේදී ගුරුවරයාට දැඩි වෙහෙසක් ගැනීමට සිදුවන නිසා මාණවත් පෙර සූදානමක් සදහා සිසුන් යොමු කිරීම.

සමරූපණ ක‍්‍රමය තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු

  •     විෂය නිර්දේශය ගුරු මාර්ගෝපදේශ සංග‍්‍රහය හා පෙළපොත හොදින් අධ්‍යයනය කර මෙම ක‍්‍රමය භාවිතා කළහැකි සුවිශේෂි මාතෘකා හදුනා ගැනීම.එම මාතෘකා යටතේ භාවිතා කරන ඉගෙනුම්
  •     ඉගැන්වීම් ක‍්‍රම හදුනාගෙන ඊට අදාළව සමරූපණය යොදා ගත හැකි අවස්ථා තීරණය කිරීම.

ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රමයක් වශයෙන් සමරූපණය අනෙකුත් ක‍්‍රියාකාරී ඉගෙනුම් ක‍්‍ර‍්‍රම වන නාට්‍ය, භූමිකා රංගන හා ක‍්‍රීඩා සමග සහයෝගීව ඒකාබද්ධව සිදුවන්නකි. එපමණක් නොව දේශන හා සාකච්ඡා ක‍්‍රමය ආදී සාමාන්‍යය ක‍්‍රම ද අවශ්‍යතාව හා අවස්ථාව අනුව එහි දී යොදා ගැනේ.ශිෂ්‍ය ක‍්‍රියාකාරකම් ප‍්‍රමුඛ වන බැවින් මනා සැලසුමක් හා පෙර පුහුණුවක් ද තිබිය යුතුය. එනම් සමරූපණය කෙරෙන සිද්ධිය හෝ ක‍්‍රියාවලිය හෝ පිළිබදව මනා අවබෝධයක් අවශ්‍යය. සමරූපණය ප‍්‍රබෝධාත්මක සජීවී ක‍්‍රියාකාරී ඉගෙනුමකි.





Saturday, June 1

My doughter's 1st BirthDay.

On 1st of March in 2013

ICT Project

ICT Project for B.Ed. ICT Students instead of the General ICT Paper Bachelor of Education, NIE

 1. Introduction
All B.Ed. students follow the General ICT subject in their third year. B.Ed. ICT students select two ICT subjects from the first year onwards as academic subjects. The weight of ICT subject components these students follow during the first year is greater than that of the 3rd year General ICT subject. Therefore, there is no need for these students to follow the General ICT subject. As such, these students could do an individual ICT project instead of the General ICT subject. Student may select project based on education software or management software for schools or NIE.

2. Objectives
 Identify suitable subject areas for software development. • Identify administration and management activities in schools for automation. • Analyses and designs software for educational and system management. • Develops educational software and school administration and management software

3. Content
 Content Instructional Strategy Duration Hrs
3.1. Introduction to software development life cycle Discussions Demonstrations Group work 6
3.2. Guidance for Project selection and submission draft project proposal Discussions 6
3.3. Project proposal demonstration Demonstrations Discussions 6
3.4. Guidance for Development of Project Design and submission Demonstrations Discussions 12
3.5. Guidance for software development Brainstorming Demonstrations 18
3.6. Guidance for preparation and submission of project report and software Discussions Demonstrations 6 3.7. Final project demonstration Demonstrations Discussions 6 Total 60 esentation

4.2. Project design presentation
4.3. Project Report presentation
4.4. Final project presentation and demonstration

Saturday, May 18

1st batch of BEd ICT Class

B.Ed. ICT Class
3rd year 

The pedagogy subject of the B.Ed. ICT degree was started on 18th May 2013.